දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 03ක් ඉතිරිව ලකුණු 269යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සත්කාරක දකුණු අප්‍රිකානුවෝ අද (05) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 07ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තා.

Gqeberha ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වූ දෙරට අතර තරගයේ කාසියේ වාසිය හිමිවූයේ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා හටයි.

බවුමා පළමුව පිතිකරණය තෝරාගත්තා.

මෙම තණතිල්ල වේග පන්දු යවන්නන්ගේ නිජබිමක් ලෙස සැලකෙන ක්‍රීඩාංගණයක්.

එබැවින් අද වේග පන්දු යවන්නන් හට වැඩි වාසියක් ඇති වේවි යැයි සිතුව ද, එය සිතූ තරම් පහසු නොවූයේ සිය මව්බිමේ දී දකුණු අප්‍රිකානුවන් කවර ගණයේ පන්දු යවන්නෙකුට වුව ද ප්‍රවේසම්කාරී අයුරින් පිතිහරඹය ක්‍රියාත්මක කිරීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ පළමු කඩුලු 03 ලකුණු 50කට අඩුවෙන් දැවී ගිය ද නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් බවුමා ලකුණු 78ක් ලබා ගත්තා.

ඔහු දැවී ගියේ අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් වෙත ලබාදෙමින්.

ඉන් අනතුරුව ප්‍රවේසම්කාරී මෙන් ම තාක්ෂණික පිතිකරණයක නිරත වූ Ryan Rickelton සිය ජාත්‍යන්තර මංගල ටෙස්ට් ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරගැනීමට සමත් වුණා.

ඔහු ලකුණු 101ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට එල්ල කර තිබූ හතරේ පහර ගණන 11ක්.

Kyle Verreynne 07 වැනි කඩුල්ල වෙනුවෙන් දිනය නිමාවන විට නොදැවී ලකුණු 48ක් ලබා සිටියා.

අද දිනයේ දී කඩුලු බිඳ දැමීමේ දී ළහිරු කුමාර කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය විසින් බිඳ හෙලනු ලැබුවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හිසරදරයක් වූ Ryan Rickelton මෙන් ම තවත් ක්‍රීඩකයින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් හට ලැබුණු අවස්ථා කිහිපයක් ම මගහැරුණේ දුර්වල උඩ පන්දු රැකීම නිසාවෙන්.

හෙට (06) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?