දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එඩ්වින් ෂාක්, කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී හමු වුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

දකුණු අප්‍රිකාණු රජය අභියෝගාත්මක අවස්ථා ජයගත් අයුරු මෙන්ම දකුණු අප්‍රිකාණු රජය සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසම පිහිටුවා ගැටලුවලට විසදුම් ‍ලබාදුන් ආකාරය පිළිබදව ද මෙහිදී මහකොමසාරිස්වරයා ‍කරුණු පැහැදිළි කර ඇති බව සඳහන්.

සියළු ජාතින් සහ පාර්ශවයන් සාකච්ඡා කොට මූලික එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම කොමිසම පිහිටුවා ඒ අනුව තීරණ ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?