AFC Banner
Empty Ad
Empty Ad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී කන්ටේනරයක් කරණම් ගසයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම ප්‍රවේශ මාර්ග අතර 88.3 km කණුව ආසන්නයේ දී රිය අනතුරක් සිදු ව තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම අනතුරට මුහුණපා ඇත්තේ කන්ටේනර් රථයක් බවයි වාර්තා වන්නේ.

වේගයෙන් පැමිණි කන්ටේනර් රථය කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ දී පාර හරහා පෙරළී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මං තීරුවක ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?