දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එකම පවුලේ පිරිසක් රෝහලේ (ඡායාරූප)

එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8.4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී එකිනෙක ගැටී පෙරළීමෙන් අද (07) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, පිරිමි පුද්ගලයෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දැරියක් වන අතර ඔවුන් එකම පවුලේ අය බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් වයස අවුරුදු 08 ,31,39,70 සහ 72 යන වයස්වල පසුවන්නන්.

අනතුරින් තුවාල ලැබූ එකම පවුලේ පිරිස මාතර ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යළි අත්තනගල්ල ගම් ප්‍රදේශයට වෑන් රථයෙන් යමින් සිටියදී මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථය වෑන් රථයේ ගැටීමත් සමඟ මෝටර් රථය කැරකී ගොස් වම් පස යකඩ වටේ ගැටී පෙරළී ඇතැයි පොලිසිය පවසනවා.

වෑන් රථය ද ආරක්‍ෂිත වැටේ ගැටීමත් සමඟ ඒ තුළ සිටි වයස අවුරුදු 08ක කුඩා දැරියක් ජනේලෙන් පිටතට විසි වී ඇති අතර කාන්තාවක් ද පිටතට විසි වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
2
+1
10
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47