AFC Banner
AFC Banner
Empty Ad

තොග වශයෙන් බෙදා හැරි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

පයාගල, හිරිගල්ගොඩැල්ල, අක්කර 45 ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් ඊයේ (06) සවස සමත්ව තිබෙනවා.

පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට ළඟා වන විට මෙම ස්ථානයේ නීති විරෝධී අයුරින් මත්පැන් නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ ගෝඩා මිලිලීටර් ලක්ෂ දහතුනකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන විනාශ කර ඇති බවයි සඳහන්වන්නේ.

එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් බේරුවල, කළුතර, පයාගල, දොඩංගොඩ ප්‍රදේශවලට තොග වශයෙන් බෙදා හරින බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (07) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?