තොග වශයෙන් බෙදා හැරි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

පයාගල, හිරිගල්ගොඩැල්ල, අක්කර 45 ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් ඊයේ (06) සවස සමත්ව තිබෙනවා.

පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට ළඟා වන විට මෙම ස්ථානයේ නීති විරෝධී අයුරින් මත්පැන් නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ ගෝඩා මිලිලීටර් ලක්ෂ දහතුනකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන විනාශ කර ඇති බවයි සඳහන්වන්නේ.

එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් බේරුවල, කළුතර, පයාගල, දොඩංගොඩ ප්‍රදේශවලට තොග වශයෙන් බෙදා හරින බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (07) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21