තෙලිජ්ජවිල පාසලේ ගින්නක් – රුපියල් කෝටි දෙකක පාඩුවකුත්

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්යය දෙමහල් ගොඩනැගිල්ල ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පෙරේදා (15) පස්වරුවේ මෙම ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය ක්‍රීඩාංගනයේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දැක කෑ ගසා ඇති බවයි.

ප්‍රදේශවාසීන් සහ මාලිම්බඩ පොලීසියේ උපකාරයෙන් ගින්න නිවීම සිදු කර තිබුණත් ඒ වන විට එම ගොඩනැගිල්ලේ තිබූ සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පාසල් වත්තේ සිටි ළමුන්ගේ සුරතලයකු ලෙස සැලකෙන සුනඛයකු මෙම ගින්නට හසු
වී මියයාම හේතුවෙන් පොලීසියේ විමර්ශන වෙනතකට යොමුව ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම දෙමහල් ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කරන රුපියල් ලක්ෂ 10කට අධික වටිනා මෙට්ට, පාසල් ඩෙස්, බංකු, විදුලි උපකරණ ඇතුළු මුළු වටිනා භාණ්ඩ රැසක් ගබඩා කර තිබුණ ද ඒ සියල්ලම ගිනිබත් ව තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව කිසියම් පිරිසක් විසින් ගිනි තැබුවේ ද යන්න සැක කරන බැවින් ඊට අදාළ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ සඳහා මාලිම්බඩ පොලීසියේ සහායට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොමු කර තිබෙනවා.

මීට වසරකට පෙර තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පහළ කොටස නාය ගොස් පාසලේ පන්ති ගණනාවක් පැවැත්වීමට නොහැකිව තිබියදී එම දරුවන්ගේ පන්ති 05ක්ම ගිනිගත් මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇති අතර මින් ඉදිරියට පාසලේ 7 වසර පන්ති පැවැත්වීමත් පාලනාධිකාරියට ගැටලුවක් ව පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?