තෙලිජ්ජවිල පාසලේ ගින්නක් – රුපියල් කෝටි දෙකක පාඩුවකුත්

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්යය දෙමහල් ගොඩනැගිල්ල ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පෙරේදා (15) පස්වරුවේ මෙම ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය ක්‍රීඩාංගනයේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දැක කෑ ගසා ඇති බවයි.

ප්‍රදේශවාසීන් සහ මාලිම්බඩ පොලීසියේ උපකාරයෙන් ගින්න නිවීම සිදු කර තිබුණත් ඒ වන විට එම ගොඩනැගිල්ලේ තිබූ සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පාසල් වත්තේ සිටි ළමුන්ගේ සුරතලයකු ලෙස සැලකෙන සුනඛයකු මෙම ගින්නට හසු
වී මියයාම හේතුවෙන් පොලීසියේ විමර්ශන වෙනතකට යොමුව ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම දෙමහල් ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කරන රුපියල් ලක්ෂ 10කට අධික වටිනා මෙට්ට, පාසල් ඩෙස්, බංකු, විදුලි උපකරණ ඇතුළු මුළු වටිනා භාණ්ඩ රැසක් ගබඩා කර තිබුණ ද ඒ සියල්ලම ගිනිබත් ව තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව කිසියම් පිරිසක් විසින් ගිනි තැබුවේ ද යන්න සැක කරන බැවින් ඊට අදාළ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ සඳහා මාලිම්බඩ පොලීසියේ සහායට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොමු කර තිබෙනවා.

මීට වසරකට පෙර තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පහළ කොටස නාය ගොස් පාසලේ පන්ති ගණනාවක් පැවැත්වීමට නොහැකිව තිබියදී එම දරුවන්ගේ පන්ති 05ක්ම ගිනිගත් මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇති අතර මින් ඉදිරියට පාසලේ 7 වසර පන්ති පැවැත්වීමත් පාලනාධිකාරියට ගැටලුවක් ව පවතින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21