තෙල් – වරාය – විදුලි වෘත්තීය සමිති අද විරෝධතාවයක…

තෙල්, වරාය සහ විදුලි සේවා සපයන ආයතන තුනට අදාළව විකිණීමට තීරණය කර ඇති සම්පත් හා සේවා රැක ගැනීම වෙනුවෙන් ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් – වරාය – විදුලි වෘත්තීය සමිති අද (08) ඒකාබද්ධ විරෝධතාවයක නිරත වනවා.

එම විරෝධතාවය අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි

එයින් අනතුරුව ජනාධිපති මන්දිරය දක්වා පාගමින් ගොස් පෙත්සමක් භාරදීමටද ඔවුන් සූදානමින් සිටිනවා.

වරාය අනාගත සංවර්ධනයට අතිශයින්ම වැදගත් අක්කර 13 ක ඉඩමක් වත්මන් ආණ්ඩුව විසින් චීනයේ සී අයි සී ටී සමාගමට විකුණා දැමීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කර ගන්නා ලෙස බල කිරීම මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීමයි.

ආණ්ඩුව බලයට පත් වූයේ විකුණු සියල්ල අත්පත් කර ගන්නා බව කියා උනත් මේ වන විට එය ක්‍රියාත්මක නොවෙන බව ඔවුන්ගේ ඇති විශාලම චෝදනාව වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?