ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ රංගා රෙඩ්ඩි ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකික් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
බොරළු ප්‍රවාහනය කළ ලොරියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (03) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 70ක් පමණ ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
තන්දූර් ඩිපෝවට අයත් බස් රථය හයිද්‍රාබාද් බලා ගමන් කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් මියගිය අය අතර බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්, කාන්තාවන් කිහිප දෙනෙකු සහ මාස දහයක ළදරුවෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
10
+1
+1
3















