තුර්කියේ සහ සිරියාවේ මරණ දස දහසට ළංවෙයි

තුර්කියට සහ සිරියාවට බලපෑම් කළ ප්‍රබල භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව දස දහසට ආසන්න වී තිබෙනවා.

මේවන විට රටවල් දෙකෙන්ම වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9600ක්.

තුර්කියේ, සිරුරු විශාල ප්‍රමාණයක්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි වලින් ආවරණය කර ඇති අතර අනෙක් ඒවා බෑග්වල, දමා රෝහල් අසල බිම දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සඳුදා ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක කම්පනය 1999 වසරෙන් පසු සිදුවූ ප්‍රබලතම කම්පනය ලෙසට සැලකෙනවා.

සිරියාවේ සහන කණ්ඩායම් අනතුරු ඇඟවූයේ දිවි ගලවා ගත් අය ප්‍රකාශ කළ පරිදි තවමත් උපකාර ලැබී නොමැති පිරිස් සිටීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

තුර්කියේ මරණ සංඛ්‍යාව 7,100 ඉක්මවා ගොස් තිබෙනවා. දැනටමත් වසර 11 ක යුද්ධයකින් විනාශ වී ඇති සිරියාවේ, රජය සහ කැරලිකරුවන් විසින් පාලනය කරන ලද වයඹ දෙසින් ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ සේවාවට අනුව, තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 2,500 කට වඩා වැඩි බව සඳහන්ය.

තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් විසින් පළාත් 10ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නමුත් හානියට පත් තුර්කි නගර කිහිපයක පදිංචිකරුවන් චෝදනා කරන්නේ බලධාරීන්ගේ මන්දගාමී සහ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ දිවි ගලවා ගත් අය ජිවතුන් අතර ඇති බවට විශ්වාස කළ හැකි කාලය අවසන් වෙමින් පවතින බවයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

පවතින දැඩි ශීතල කාලගුණය හමුවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වනවා.

මේ අතර තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ Pazarcik හි අද සංචාරය කිරීමට නියමිතයි.

උතුරු සිරියාවට, සමහර ජාත්‍යන්තර ආධාර ලැබෙන නමුත්, හානියට පත් මාර්ග නිසා කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවලට ප්‍රවේශ වීමට හැකියාවක් ලැබී නැහැ.

සඳුදා අලුයම Gaziantep අසල පළමු 7.8ක කම්පනය සිදු වූ අතර ඉන් පසුව 7.5 ක ප්‍රබලත්වයකින් යුත් කම්පනයක් සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21