තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාවට අද තවත් තරගයක්

ශ්‍රී ලංකා, ඉන්දියා හා දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (09) තවත් තරගයකට මුහුණදෙනවා.

ඒ ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව යි.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පෙරවරු 10ට යි.

මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණදුන් එක්දින තරග 03න් දෙකක් ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත් ව සිටිනවා.

පැවති තරග 04න් තුනක් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම එම ලකුණු ලැයිස්තුවේ පළමු තැන ගෙන සිටිනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මුහුණදුන් තරග 03ම පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගය කඩුලු 05කින් ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?