තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාවට අද තවත් තරගයක්

ශ්‍රී ලංකා, ඉන්දියා හා දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (09) තවත් තරගයකට මුහුණදෙනවා.

ඒ ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව යි.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පෙරවරු 10ට යි.

මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණදුන් එක්දින තරග 03න් දෙකක් ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත් ව සිටිනවා.

පැවති තරග 04න් තුනක් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම එම ලකුණු ලැයිස්තුවේ පළමු තැන ගෙන සිටිනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මුහුණදුන් තරග 03ම පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගය කඩුලු 05කින් ජය ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56