උපවාසයක යෙදී සිටිය දී ජීවිත්ෂයට පත් වූ ත්‍යාගී තිලීපන්ගේ 36 වන ගුණ සැමරුමට සමගාමීව පැවැති රථ පෙළපාලියකට ත්‍රිකුණාමලය – සර්ධාපුර මංසන්ධියේ දී කිසියම් පිරිසක් විසින් අද (17) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
තිලීපන්ගේ ඡායාරූපය රැගත් මෙම රථ පෙළපාලිය ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබූ අතර, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන් ද සිටි බවයි වාර්තා වුණේ.
යාපනයේ සැමරිය යුතු උත්සවයක් මෙලෙස විවිධ ජනවර්ග වෙසෙන ත්‍රිකුණාමලයේ දී සැමරීමට පැමිණීමට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
7
+1
1
+1
+1
1
+1