Empty Ad
Empty Ad
 Empty Ad

තිරී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වමත් ආරම්භ පිතිරුවෙකු ලෙස ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ඉන්දියාවට එරෙහිව 2010 වසරේ ජනවාරියේ දී එක්දින තරගයකින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ඇරඹු ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 2088ක්, එක්දින ලකුණු 3194ක් සහ විස්සයි විස්ස පිටියේ ලකුණු 291ක් රැස්කරගෙන සිටියා.

2022 වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු තිරිමාන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වූයේ නැහැ.

සිය සමුගැනීමේ තීරණය දැනුම්දෙමින් තිරිමාන්න සදහන් කර ඇත්තේ, තමන්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකිවිම ගෞරවයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
20
+1
1
+1
3
+1
37
+1
15
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?