Empty Ad
Empty Ad
 Empty Ad

තෑගි දුන්න පාකර් පෑනෙන් අඩි 20ක් දිග පෙම් හසුනක් ලියපු ආදරවන්තයා.

ආදරයේ ගංගාව බැසයන්න ගලලා,

නවතන්න පුළුවන්ද ඇළවේලි බැඳලා,

මේ තරුණ ජීවිතය දුක් පතුළේ ගිලිලා,

මිය යන්න පෙර එන්න මා ළඟට දුවලා,

ආදරය කරන තරුණයකු සහ තරුණියක සමඟ ඇතිවූ විරසකයක් සමනය කර ගැනීමට තරුණයා විසින් මෙම කවි පදය ඇතුළු කවි සහ අදහස් රැසක් සහිත පෙම්හසුනක් තරුණියකට යැව්වේ එය ලංකාවේ දිගම පෙම් හසුන වේයැයි කිසිදිනක නොසිතමිනි.

අඩි විස්සක් දිගු වුවද එයටත් එහා ගිය දිගු ආදරයක තොරතුරු මාතලේ පලාපත්වල ප්‍රදේශයෙන් වාර්තා වේ.

1958 වර්ෂයේ දී ලියන ලද මෙම ලිපිය ලියු පෙම්වතා වන තිලක් 2013 වසරේ දිවි ගමනින් සමුගත්තද පෙම්වතියව සිට විවාහපත් බියට්‍රිස් ජයතිලක මේ වන විට මාතලේ පලාපත්වල ප්‍රදේශයේ ජීවත් වන්නේ ආදර හසුන සහ අතීත මතක සටහන් සුරැකිව තබා ගනිමිනි.

හඟුරන්කෙත ප්‍රදේශයේ ඉපදුනු බියට්‍රිස් නුවර බැප්ටිස් විද්‍යාලයෙන් සිප්සතර හදාරා ඇත. ඒ පනහේ දශකයේ දීය.

පාසල් ගමන නිම කළ ඇය නර්තන ගුරුවරියක ලෙස පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය සේවය කරමින් තමා සතු නර්තන දැනුම සිසුන් හට බෙදා දුන්නාය.

එම කාලයේ ඇය ඉතාමත් හැඩකාර ලස්සන සිත්ගන්නාසුලු තරුණියක වූවාය. ඇයගේ ජීවිතයට සිකුරාගේ බැල්ම වැටීමට පටන් ගත්තේ එකල තිබූ” චලන චිත්‍ර” නමැති පුවත්පතක තිබූ පෑනේ මිතුරු සංගමයකට තම විස්තර ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

ඈ විසින් පලකල තොරතුරු අනුව ඇයගේ නිවසට ලිපි සිය ගණනක් ලැබූ නු අතර බහුතරය තරුණයින්ගෙනි.

ඇයට එම ලිපි අතර තිබූ එක් ලිපියකට විශේෂ අවධානය යොමු වී තිබුනි.

ඒ ගල්කිස්ස ප්‍රදේශයේ තිලක් ගෙන් ලද ලිපියයි.

මාස කිහිපයක් දෙදෙනා ලිපි හුවමාරු කරගත්තේ තමාගේ මවගේ ද දැනුවත් බාවයෙන් යුතුවයි.

පසුව වූ සිදුවීම් බියට්‍රිස්ගේ වදන් වලින්ම ඇසුවහොත් එම ආදරය සුන්දරත්වය ඉතාමත් අලංකාර වනු ඇත.

“මට එයා ලිපි ගොඩක් එව්වා මමත් පිළිතුරු ලිව්වා. මම කිසිම දෙයක් ගෙදරට හංගලා කළේ නැහැ. මාස කිහිපයකට පස්සේ එයා මාව බලන්න අපේ ගෙදර ආවා. ඊට පස්සේ මට විවාහ යෝජනාවක් කලා. ගෙදරින් කැමැත්ත අරගෙන අපි ආදරේ කලා. එයා මට එවන්නේ දිගු ලිපි මම නම් ලියන්නෙ ටිකයි. එක දවසක් මම එයාට බැන්නා දිගට ලිපි ලියනවා කියලා කොහොමහරි අපි දෙන්නා අතර විරසකයක් ඇති වුණා.

මම කිව්වා මම ආපු ලිපි ටික ආපහු එවන්න අපි ආයෙත් කතා කරන්න ඕනේ නැහැ කියලා. ඒකට තමයි මේ අඩි 20 ක දිගු ලිපියක් ලියල මට එවලා තිබුනේ. ඒක ලියලා තිබුනේ මම එයාගේ උපන් දිනයට තෑගි දුන්න පාකර් කියන පෑනෙන්.

ඒ ලිපියේ එව්වට පස්සේ ආයෙත් අපි දෙන්නා යාළු වුණා. අපි අවුරුදු දහයක් ආදරේ කරලා මගේ වයස 26 කසාද බැන්දා.

මගේ මහත්තයා රැකියාව කළේ බුදු පිළිම නිර්මාණය කරලා විකිණීමයි ඒකට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට අපි මාතලේ ප්‍රදේශයේ ජීවත් වීමට තීරණය කළා.

අපි ගොඩාක් ආදරෙන් සතුටින් හිටිය අපිට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා.

අපේ විවාහ උත්සවය සමරන්න අපි 2013 ලෑස්ති වුණා.

කඩේට ගිහින් උයන්න පිහන්න බඩු අරගෙන ඇවිල්ල ගෙදර ඉන්නකොට එකපාරටම මහත්තයා කලන්තේ දාලා වැටුනා. ඉක්මනින් රෝහලට ගෙන ගියත් මහත්තයා බේරා ගන්න බැරි වුණා.

මට මගේ මුළු ජීවිතයම කඩාවැටුනා වගේ දුකක් ඇති වුණා. මම ඒ දුකෙන් ඉන්න කොට එක දවසක් ගෙදර කුස්සියේදී වැටුන. දැන් මගේ කකුල් කොටයි. මම දැන් එක්තැන් වෙලා ඉන්නේ.

අතීතයේ මට එවපු දිගු ලිපිය අදටත් මගේ කොට්ටෙ යට තියාගෙන ඉන්නවා. එයා ඒ ලිපිය ලියපු පෑනත් තවමත් මම ළග තියෙනවා. මට මගේ මහත්තයා තවමත් මාත් එක්ක ඉන්න වගේ දැනෙනවා. මට මගේ ලොකු පුතා හොඳට සළකනවා.

විවේකීව කාලය ගත කරන ඇගේ ආදර කතාව අවසානයේ ඇය විසින් තරුණ පරපුරට උපදෙසක් දීමට අමතක නොකළාය.

දැන් කාලේ ඉන්න ළමයින්ට ආදරයක් ගොඩනඟා ගන්න බැරි තියෙන කපටි කම වැඩි නිසයි.. අලුත් පරම්පරාව දැනගන්න ඕනේ ආදරයක් ඉදිරියට ගෙනි යන්නේ කොහොමද කියලා.

01 1 scaled
02 1 scaled
03 1 scaled
04 1 scaled
05 1 scaled
06 scaled
07 2 scaled
08 scaled
09 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
240
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?