සොරාගත් ලක්ෂ 20ක් ගොම ගොඩකින් සොයාගෙන

ගව ගොම ගොඩක තිබී රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් සොයාගත් පුවතක් ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බාලසෝර් ප්‍රදේශයේ පිහිටි බඩමන්දරුනි ගම්මානයේ; හයිද්‍රාබාද් සහ ඔඩීෂා ප්‍රාන්තවල පොලිස් කණ්ඩායම් විසින් ඊයේ (16) කරන ලද වැටලීම දී මෙම මුදල් තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගෝපාල් බෙහේරා නමැති සැකකරුවෙකුගේ මාමණ්ඩියගේ නිවස වටලා මෙම මුදල සොයාගෙන ඇති අතර, ගෝපාල් බෙහේරා නැමැත්තා මෙම මුදල ඔහු සේවය කළ ආයතනයකින් සොරාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වනවිට පළාගොස් සිටින සැකකාර ගෝපාල් බෙහේරා, ඔහු සේවය කළ හයිද්‍රාබාද් හි කෘෂිකාර්මික සමාගමක ලොකරයෙන් මෙම රුපියල් ලක්ෂ 20කට අධික මුදල සොරකම් කර ඇති බවයි සඳහන්.

පසුව ඔහු එම මුදල තම මස්සිනා හරහා ගමට ඒවා ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම මුදල් සොරකම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සිදුකළ වැටලීමක දී ගොම ගොඩක සඟවා තිබූ එම මුදල සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ වනවිට සඟවා සිටින ප්‍රධාන සැකකරුවන ගෝපාල් බෙහේරා නැමැත්තා සහ ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01