ඉලංගෙයි තමිල් අරසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වෛද්‍ය පද්මනාදන්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ ලේකම් වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

අද (17) දිනයේ රැස් වූ එම පක්ෂයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කළේ.

මෙවර මහ මැතිවරණයෙන් එම පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිහිපයක් ඉදිරිපත්ව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ විධායක සහ දේශපාලන කමිටුව ඊයේ (16) වවුනියාවේදී රැස් වුණා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවර මහ මැතිවරණයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට තරඟ කළ වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් ඒ සඳහා පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙවර මහ මැතිවරණයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂ මන්ත්‍රී ආසන 07ක් ජයග්‍රහණය කළ අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01