තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන්

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විසින් අරඹන ලද වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වනවා.

ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කළේ; මෙය සංකේත වැඩ වර්ජනයක් බවත්, රජය අදාළ අයහපත් තීරණ හකුළා නොගන්නේ නම්; එය තවදුරටත් ඉදිරියේදී වර්ජිතව සිටීමට කටයුතු කරන බවයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය පැය 48ක කාලයක් පුරාවට පැවැතුණා.

මීට හේතුව වූයේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය විකිණීමට රජය ගෙන තීරණයට එරෙහිවයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ අරමුණිනුයි මෙලෙස රජය විසින් විකිණීමට සූදානම් ව ඇති බවට ඒකාබද්ධ වෘත්තීය සමිතිය චෝදනා කළේ.

නමුත් ඊයේ රාත්‍රියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

තැපැල් වර්ජනය ආරම්භ වීමට පෙරාතුව තැපැල් දෙපාර්තමේන්තු නිවේදනය කළේ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු දින 03කට අවලංගු කර ඇති බවයි.

කෙසේවෙතත් සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේ දී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ව සිදු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම-කැඳවුම්කරු චින්තක බණ්ඩාර අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?