තැපැල් වර්ජනය නවතියි – ඒත් නුවරඑළිය උණුසුම් වෙයි (ඡායාරූප)

පැය 48ක් පුරා පැවති තැපැල් සේවක වර්ජනය ඊයේ මැදියම් රාත්‍රියෙන් අවසන් කෙරුණා.

ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ; මෙම වැඩ වර්ජනය නවතන්නේ; ආණ්ඩුව සිය තීරණ හකුළාගන්නේ නම් පමණක් බවයි.

ඊට ආණ්ඩුව අපොහොසත් වුවහොත්, ඉදිරියේ දී මීට වඩා පියවර ගන්නා බව ද තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිතිය අවධාරණය කර සිටියා.

මේ අතර නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඉන්දියන් සමාගමකට ලබාදීමට විරෝධය පාමින් නුවරඑළිය නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය (04) දින පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ‘තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා’ යනුවෙන් බියවද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබාදීමට එකඟතාව ලබාගෙන ඇති බවයි.

ඊට විරෝධය පාමිනුයි මෙම විරෝධතාව ඊයේ පැවැත්වුණේ.

උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නුවරඑළිය තැපැල් කාර්යාලය අත්තනෝමතික ලෙස ඉන්දියානු සමාගමකට හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා විකිණීමට ගෙන ඇති තීරණය හකුළා ගන්නා තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බවයි.

වර්තමාන ජනාධිපතිවරයාගේ මුදල් සෙවීමේ ක්‍රියාපටිපාටිය තුළ සුලබ වශයෙන් දක්නට ලැබෙන ක්‍රියාවක් ලෙස රටේ දේපළ විකුණා දැමීම හැඳින්විය හැකි බව ද උද්ඝෝෂකයින් කියා සිටියා.

ජනතාවට කිසිදු වැඩකට නැති දේපොළ ගණනාවක් නුවරඑළිය නගරයේ ඇති බවත්; ඒ අතර නුවරඑළිය ජනාධිපති මැදුර ආදිය හැඳින්විය හැකි බව ද ඔවුන් පෙන්වාදෙනවා.

ජනතාවට හෝ රටට හෝ කිසිදු ආදායමක් ගෙන නොදෙන නුවරඑළිය ජනාධිපති මැදුර මෙලෙස හෝටලයක් කරන ලෙස ලබා දෙන ලෙසත්, ජනතාවට සහ රටට වැඩක් ඇති තැපැල් කාර්යාලයට එවැනි බලපෑම් ඇති නොකරන ලෙස ද විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් , ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් , නුවරඑළියෙ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව,
නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

1 2
2 1
3 2
4 2
5 1
6 1
7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47