AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 26 වනදා තැපෑලට – ප්‍රවාහනයට විශේෂ සැලැස්මක්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 26 වනදා තැපෑල වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සහාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 04, 05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේ.

මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන තැපැල් ඡන්ද පත්‍රිකා ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ සැලසුම්ක් එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?