තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 26 වනදා තැපෑලට – ප්‍රවාහනයට විශේෂ සැලැස්මක්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 26 වනදා තැපෑල වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සහාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 04, 05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේ.

මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන තැපැල් ඡන්ද පත්‍රිකා ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ සැලසුම්ක් එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58