AFC Banner
AFC Banner
Empty Ad

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් (ඡායාරූප)

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් (Budget flight) ඊයේ (09) සිට ආරම්භකර තිබෙනවා.

ඒ, අනුව එම ගුවන් ගමන් සේවා අරඹමින් එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරණ ගුවන් යානය ඊයේ (09) රාත්‍රියේ රාත්‍රී 10.10ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානයෙන් ගුවන් මගීන්134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර, ගුවන් යානය ආපසු ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියා.

මේ අනුව තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කෙරෙන අතර සදුදා,බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල එම ගුවන් ගමන් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් ද ඊයේ (09) සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
3
+1
13
+1
2
+1
2
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?