තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් (ඡායාරූප)

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් (Budget flight) ඊයේ (09) සිට ආරම්භකර තිබෙනවා.

ඒ, අනුව එම ගුවන් ගමන් සේවා අරඹමින් එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරණ ගුවන් යානය ඊයේ (09) රාත්‍රියේ රාත්‍රී 10.10ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානයෙන් ගුවන් මගීන්134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර, ගුවන් යානය ආපසු ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියා.

මේ අනුව තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කෙරෙන අතර සදුදා,බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල එම ගුවන් ගමන් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් ද ඊයේ (09) සංවිධානය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37