AFC Banner
AFC Banner
Empty Ad

තාක්ෂණික තොරතුරු මත ම නොසිට ආපදා ප්‍රදේශවලට ගොස් සහන දෙන්න – ජනපති (වීඩියෝ)

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වයට මුහුණදෙන ප්‍රදේශවලට ගොස් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ සෙසු සියලු නිලධාරින්ට දැනුම්දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සලකා බලා ඉදිරියේ දී එය පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම මුහුදු ගොස් සිටින ධීවර ජනතාව සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයාගෙන් උපදෙස් හිමිව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) පැවති සාකච්ඡාවේදීයි.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබාගෙන අවශ්‍ය ආහාරපාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම්දුන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවදානමක් සහිත උතුරු – නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිෂ් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ කරුණානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?