spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථ රියදුරන්ට අගමැතිගෙන් සතුටුදායක පුවතක්

ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයෙන් ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඊයේ පස්වරුවේ.ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග පැවති රැස්විමකදීයි අග්‍රාමාත්‍ය මේ බව ප්‍රකාශ කළේ.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය වන අතර එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා වූ බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කියාසිටියේ.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාව හා ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?