AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථයක්, ලොරි රථයක ගැටෙයි – වාහනවලට දැඩි අලාභ හානි (ඡායාරූප)

ප්‍රධාන මාර්ගය අබියස නතර කර තිබූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිමේ දී ප්‍රධාන මාර්ගය හරහා ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (04) උදෑසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීයි.

එම මාර්ගයේ නතර කර තිබූ වෑන් රථයකට ඉදිරියෙන් ත්‍රීරෝද රථය නතර කර තිබු බවත්, පසුව ත්‍රීරෝද රථයේ එන්ජිම ක්‍රියාත්මක නොකර ප්‍රධාන මාර්ගයට ඇතුල් කරන අවස්ථාවේ හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලොරි රථයක් ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, එම වාහන තුනටම දැඩි අලාභ හානි සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ත්‍රිරෝද රථයේ රියදුරා අපරික්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි පරීක්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

01 2
02 1
03
04
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?