ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී දැරියක් ජීවිතක්ෂයට

තණමල්විල පොලිස් වසමේ වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තණමල්විල නගරයේ දී ඊයේ (08) දහවල් සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 04ක දැරියක්.

වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ පස්දෙනෙකු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාලකරුවන් අතර සිටි දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?