ත්‍රිපෝෂ සැපයීමත් ඈවර වන ලකුණු – රවීගෙන් අගමැතිනියට ප්‍රශ්නයක්

දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පෙන්වාදෙනවා.

සභාපතිවරයා පෙන්වාදෙන්නේ වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බවයි.

2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බවයි රවී කුමුදේෂ් මහතා පෙන්වාදෙන්නේ.

ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටිනවා.

රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?