ත්‍රිපෝෂ සැපයීමත් ඈවර වන ලකුණු – රවීගෙන් අගමැතිනියට ප්‍රශ්නයක්

දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පෙන්වාදෙනවා.

සභාපතිවරයා පෙන්වාදෙන්නේ වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බවයි.

2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බවයි රවී කුමුදේෂ් මහතා පෙන්වාදෙන්නේ.

ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටිනවා.

රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා මෙහිදී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14