ත්‍රස්තවාද වැළැක්වීමේ පනත ඉදිරියේ දී අහෝසි කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ සැප්තැම්බර් මස මුල වන විට මෙම පනත අහෝසි කරන බවයි.
ත්‍රස්තවාද වැළැක්වීමේ පනත අහෝසි කළ ද සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
දැනට පවතින නීතිවල අඩුපාඩුකම් හේතුවෙන් ඇතැම් අපරාධකරුවන් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාද වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමට සිදුව ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





