AFC Banner
AFC Banner
Empty Ad

‘තව දවස් දෙකක් විතර බලං ඉන්න’ – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනපතිගෙන් ඉඟියක් (වීඩියෝ)

රට තුළ විශාල වෙනසක් සහ සංවර්ධනයක් ඇති කරලීම තනි පුද්ගලයෙකුට සිදු කළ නොහැකි බවත්; එම පුද්ගලයා සහ ඒ වටා බැඳී සිටිනා වූ සියලු ම පුද්ගලයින් මෙන් ම ආයතන තුළින් ගොඩනැගිය යුතු ක්‍රියාවලියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

තමන්ගේ පාර්ශ්වයෙන් ජනතාව බලාපොරොත්තු වන විශාල වෙනස ඇති කරලීමට ගත හැකි සෑම වෙනසක් ම ගැනීමට කටයුතු කරන බවයි මහ නා හිමිවරුන් බැහැ දකිමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ තමන්ට මහ නා හිමිවරුන් ආශිර්වාද කරමින් කියා සිටියේ ග්‍රාමීය ව සිටිමින් දුක් විඳින ජනතාවට නව ජීවිතයක් යහපත් අන්දමින් ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට පියවර ගන්නා ලෙසයි.

රටේ එක් තැනක නොව පද්ධතියේ ම වෙනසක් ඇති කරලීමට අවශ්‍ය ව ඇති බවත් ඊට අවශ්‍ය සියලු ම කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් නව ජනාධිපතිවරයා කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පළමු දින ම සිදු කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවට කළ ප්‍රකාශය මතක දැයි යනුවෙන්.

ඊට නව ජනාධිපතිවරයා සිනහ මුසු මුහුණින් ප්‍රකාශ කළේ; ‘ලිහල බැලිය යුතු මල්ල – ඔබලා බැලීම අනවශ්‍ය’ බවත් දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?