දකුණු ඉන්දිය විකට නළුවෙකු මෙන්ම චරිතාංගන නළුවෙකු වන පී. පාණ්ඩු අභාවප්‍රාපත්වී තිබෙනවා.
ඔහු මිය වනවිට 74 හැවිරිදි වියෙහි පසු වුණා.
කොරෝනා වෛරස් ආසාදිතව පාණ්ඩු සහ ඔහුගේ බිරිඳ චෙන්නායිහි පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, ඔහු අද අලුයම සිය ජීවන ගමනට සමුදුන්නා.
ඔහුගේ නළුවාගේ බිරිඳ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
මේ අතර ලොව එක්දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා.
ඒ, 412,618 ක් ලෙසයි.
එරට තුළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගිය දෙවන අවස්ථාව ද මෙය වනවා.
එමෙන්ම ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3,982 ක්.
එය දැක්වෙන්නේ, ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි