තවත් පාසල් දැරියකගේ සිරුරක් පාළු ලිදක තිබී සොයා ගනී

වව්නියාව – නෙලුක්කුලම – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පදිංචි ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගියදා හමුවූණා. ඒ වව්නියාව – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ලිඳක තිබී.

මේ සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් සිදු කල විමර්ශන වලදී සාක්ෂි කිහිපයක් අනාවරණය වී තිබෙනවා. අදාළ දැරියගේ පාවහන් යුගලය සහ පොත් බෑගය ඇයගේ සිරුර ගොඩගත් ලිඳ ආසන්නයේ පිහිටි ගසක් යට තිබී හමු වී තිබෙන අතර මෙම දැරිය එම ගස යට මද වේලාවක් හිඳගෙන සිටින්නට ඇති බවටයි සැක පළ කරන්නේ.පොලීසිය සැක පල කරන්නේ මෙම දැරිය ලිඳට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවයි.

පෙරේදා රාත්‍රියේදී මෙම දැරියගේ සිරුර ඇය ජීවත් වූ නිවස ඉදිරිපිට පිහිටි පාළු ඉඩමක ලිඳක තිබියදී සොයා ගැණුනා. පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00