තවත් ප්‍රදේශයක පිපිරීමක්..ගෑස් සම්බන්ධයෙන් විශේෂ පරීක්ණයක්.

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ගිනි ගැනීම් වාර්තා වූ ස්ථාන වෙත එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අහංගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ පස්වරුවේ ගෑස් සිලින්ඩරයකට රෙගියුලේටරය සවි කිරීමට යාමේදී විශාල ශබ්දයක් ඇසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. ඒ පිළිබදව අහංගම පොලිසියට ද තොරතුරු වාර්තා වී ඇති බවයි අප කළ විමසීමකදී සදහන් කළේ.කෙසේ වෙතත්, කිසිදු ගිනි ගැනීමක් එම ස්ථානයේ සිදුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම, ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වුණා. ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් දෙකක් ඊයේ දිනයේම කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් ද වාර්තා වූ අතර, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගෑස් ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම ද අලුතින් මිල දී ගත් සිලින්ඩරයකට රෙගියුලේරටය සවි කර ලිප දැල්වීමට යාමේදී ඇති වූවක් බව සඳහන්.

එමෙන්ම, ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වු ගිනි ගැනීම් සිද්ධීන් රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය, කොළඹ තුරඟ තරඟ පිටිය අසල අවන්හලකින් සහ නිකවැරටිය ප්‍රදේශවලින් ද වාර්තා වී තිබුණා. එම තත්ත්වය හමුවේ සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුළ වැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජනතාව තුළ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තේ කොළඹ ඇතුළු දිස්ත්‍රික් 7කින් සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි. එහි වාර්තා අද තමන් වෙත ලැබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ.

මේ අතර, ගෑස් අනතුරුවලින් ජනතාව බේරාදෙන ලෙස ඉල්ලා ඊයේ සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් පැවැත්වුණා. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ගෑස් ටැංකියක් ද රැගෙන සීනිගම දේවාලයට ගොස් පඬුරක් ගැට ගසා දේව කන්නලව්වක් පැවැත්වූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

සිලින්ඩරවල පවතින ගෑස් සංයුතිය වෙනස්වීම හේතුවෙන් ගිනිගැනීම් සිදුවන බවට පැහැදිළි කිරීම සඳහා මහජනයා සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පසුගිය දා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද නිකුත් කර තිබුණා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57