Empty Ad
Empty Ad
AFC Banner

තවත් ගුවන් යානයක් මුහුදකට කඩා වැටෙයි – දෙදෙනකු මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා වෙරළ තීරය ආසන්නයේ දී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (29) සිදු ව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

Jazirah Aviation Club නමැති පෞද්ගලික ගුවන් සේවා සමාගමකට මෙම ගුවන් ‍යානය අයත් බවත් අනතුරින් මියගිය පුද්ගලයින් අතර ගුවන් නියමුවා ද සිටින බවත් පැවසෙනවා.

මෙම ගුවන් යානය කඩා වැටී ඇත්තේ මුහුදු කලාපයටයි.

සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ගුවන් අනතුරු විමර්ශන අංශයට වාර්තාවක් ලැබී ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ අනතුර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

මේ අතර හයිඩ්‍රොලික් දෝෂයක් හේතුවෙන් නෙදර්ලන්ත ගුවන් සේවයේ KLM Royal Dutch ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කෙරුණා.

පෙරේදා (28) රාත්‍රියේ දී මෙම ගොඩබෑම සිදු කර ඇත්තේ නෝර්වේ හි සැන්ඩෙෆ්ජෝර්ඩ් ගුවන්තොටුපළට බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ඔස්ලෝ ගුවන් තොටුපළෙන් ඇම්ස්ටර්ඩෑම් වෙත පියාසර කළ මෙම ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්ස නමුත් ධාවන පථයේ දී ලිස්සා ගොස් පෙරළී යාමට ද ලක් ව තිබෙනවා.

අනතුර සිදුවන විට දී යානයේ ගුවන් මගීන් 182 දෙනෙකු සිට ඇති අතර කිසිවෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු ව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
21
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?