මරදානේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ගැටී තිබෙනවා.
එහිදි එහි ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදියේ ගමන් අඹු සැමි යුවලකි එහිදී බිරිද එම ස්ථානයේදීම මිය ගොස් ඇත. සැමියා බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක දෙදරු මවකි.
පොලිස් ප්‍රකාශයකට අනුව, අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ඇත. මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත භාර දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
4
+1
+1





