තවත් අති භයානක ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත ආසාදිතයන් හමුවෙයි

නැමීබියාව නොවැම්බර් 11 සිට 26 දක්වා කාලය තුළ අනුපිළිවෙලින් නියැදි සාම්පල 19න් 18කම ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.

එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදයේ පළමු ආසාදිතයන් දෙදෙනා ක්‍රොඒෂියාව සඳුදා තහවුරු කළ බව රාජ්‍ය සෞඛ්‍ය ආයතනය පවසයි.

“ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු විදේශගත වී නොමැති බැවින් ආසාදනයේ මූලාශ්‍රය පිළිබඳව අපට විශ්වාස නැහැ. දෙදෙනාම සහභාගී වූ ව්‍යාපාරික රැස්වීමකදී ඔවුන් ආසාදනය වී ඇතැයි අපි විශ්වාස කරනවා” රාජ්‍ය සෞඛ්‍ය ආයතනයේ වසංගත රෝග විද්‍යාඥ බර්නාඩ් කයික් පැවසීය.

මේ අතර, දකුණු අප්‍රිකාවේ සිට රුසියාවට පැමිණි පුරවැසියන් දෙදෙනෙකුගෙන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු දේශීය අවස්ථා දෙක රුසියාව විසින් හඳුනාගෙන ඇති බව ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

එමෙන්ම, ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය අධිකාරිය ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකාවේ සිට සංචාරය කළ පුද්ගලයෙකු තුළ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ රටෙහි පළමු ආසාදිත සිද්ධිය හඳුනාගෙන ඇති බවයි.

දකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.

ජපානය තුළ තෙවැනි ඔමික්‍රෝන් ආසාදිතයාද වාර්තා කර ඇති අතර, ඔහු ඉතාලියේ සිටි පැමිණි 30 හැවිරිදි පුද්ගලයෙකු බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මීට අමතරව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථාව තායිලන්තය විසින් හඳුනා ගෙන ඇත. පසුගිය මාසයේ අගභාගයේදී ස්පාඤ්ඤයේ සිට එරටට ඇතුළු වූ 35 හැවිරිදි එක්සත් ජනපද පුරවැසියෙකු මෘදු රෝග ලක්ෂණ සමග හඳුනාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?