තලංගම හෝටලයේ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක් – කුමන තරාතිරමක නිලධාරීයෙක් වුණත් නීතිය අකුරට

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන සි.සී.ටී.වී වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ තලංගම, පන්නිපිටිය පාරේ පැලවත්ත ලිපිනයේ පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙකුගේ මුදල් හා රන් භාණඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා පසුගිය 25 වනදා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා එම හෝටලය වෙත ගොස් ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එම අවස්ථාවේ දී විවිධ පුද්ගලයින් පිරිසක් හෝටලය ඉදිරිපිට පදික වේදිකාවේ දුම්වැටි භාවිත කරමින් සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හා සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන සමාජ මාධ්‍ය වෙත වෙනත් ආකාරයක අදහසක් දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම දර්ශනය වන වීඩියෝ පටයේ සඳහන් පරිදි පොලිසියට සන්තෝසම් ලබානොදීමක් සම්බන්ධයෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා හැකියාව පවතින බවයි පොලිසිය දැනුම් දෙනවා.

එලෙස මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධව කවර තරාතිරමක නිලධාරීයෙකුට වුව ද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පසුබට නොවන බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
57
+1
5
+1
0
+1
2
+1
8
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?