තලංගම, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන සි.සී.ටී.වී වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ තලංගම, පන්නිපිටිය පාරේ පැලවත්ත ලිපිනයේ පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙකුගේ මුදල් හා රන් භාණඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
එම සිදුවීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා පසුගිය 25 වනදා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා එම හෝටලය වෙත ගොස් ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
එම අවස්ථාවේ දී විවිධ පුද්ගලයින් පිරිසක් හෝටලය ඉදිරිපිට පදික වේදිකාවේ දුම්වැටි භාවිත කරමින් සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හා සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන සමාජ මාධ්‍ය වෙත වෙනත් ආකාරයක අදහසක් දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම දර්ශනය වන වීඩියෝ පටයේ සඳහන් පරිදි පොලිසියට සන්තෝසම් ලබානොදීමක් සම්බන්ධයෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා හැකියාව පවතින බවයි පොලිසිය දැනුම් දෙනවා.
එලෙස මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධව කවර තරාතිරමක නිලධාරීයෙකුට වුව ද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පසුබට නොවන බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.















