තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන මත්කරල් විකිණූ සහෝදරයින් දෙදෙනකුට මාංචු

තරුණයින් ඉලක්ක කරගෙන මත් කරල් විකිණීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව කල්පිටිය පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වැටලීම ඊයේ (03) පස්වරුවේ කල්පිටිය – පෙරියකුඩිරිප්පු ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

කල්පිටිය ,පෙරියකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 32 වියේ පසු වූ දෙදෙනෙකුව මෙලෙස අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සතුව තිබී ග්‍රෑම් 150 බැගින් වන Pregabalin නම් මත් කරල් 940ක් වැටලීම කළ පොලිස් නිලධාරීන් විසින් තම භාරයට ගත් බවත් වාර්තා වනවා.

එක මත් කරලක් රුපියල් 500 බැගින් වන මිලකට තරුණ ගැණුම්කරුවන්ට අලෙවි කර ඇතැයි සිදු කළ විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ ඔවුන් සතුව තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලද මත් කරල් තොගය කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?