තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන මත්කරල් විකිණූ සහෝදරයින් දෙදෙනකුට මාංචු

තරුණයින් ඉලක්ක කරගෙන මත් කරල් විකිණීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව කල්පිටිය පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වැටලීම ඊයේ (03) පස්වරුවේ කල්පිටිය – පෙරියකුඩිරිප්පු ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

කල්පිටිය ,පෙරියකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 32 වියේ පසු වූ දෙදෙනෙකුව මෙලෙස අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සතුව තිබී ග්‍රෑම් 150 බැගින් වන Pregabalin නම් මත් කරල් 940ක් වැටලීම කළ පොලිස් නිලධාරීන් විසින් තම භාරයට ගත් බවත් වාර්තා වනවා.

එක මත් කරලක් රුපියල් 500 බැගින් වන මිලකට තරුණ ගැණුම්කරුවන්ට අලෙවි කර ඇතැයි සිදු කළ විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ ඔවුන් සතුව තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලද මත් කරල් තොගය කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්