තරුණියක් සමග මෝටර් රථයක් පැහැරගනී

කරාපිටිය නගර මධ්‍යයේ නවතා තිබු මෝටර් රථයක් සමග එහි සිටි තරුණියක් නාදුනන පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. 

අප වාර්තාකරු පැවසුවේ පැහැර ගත් මෝටර් රථය සහ අදාළ තරුණිය සොයා ගත්ත ද සිද්ධියට සම්බන්ධ කොල්ලකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

කරාපිටිය රෝහල ආසන්නයේ බැංකුවක් අසල මෝටර් රථයක් නවතා තිබියදී නාදුනන පුද්ගලයෙකු විසින් එහි සිටි තරුණිය සමග මෝටර රථය පැහැරගෙන ගොස් තිබුණි.

මෝටර රථයේ තරුණියන් දෙදෙනෙක් සිට ඇති අතර එක් තරුණියක් මෝටර රථ බැස අසල තිබු බැංකුවකට ගොස් සිටි අතරවාරයේ මෙලෙස පුද්ගලයෙකු පැමිණ පැහැර ගැනීම සිදුකර තිබේ.

ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකව එලෙස පැහැරගෙන ගොස් තිබුණි.

පසුව කොල්ලකරු පැහැරගත් තරුණිය රත්ගම ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බස්සවා මෝටර් රථය රැගෙන ගොස් තිබුණි.

අදාළ තරුණිය කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ෂණයේදී පැහැරගත් මෝටර් රථය අද අළුයම බුස්ස ප්‍රදේශයේදී අත්හැර දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?