තරුණියක්, මිතුරියකගේ මවක් සමඟ සෙල්ෆි ගන්න ගිහින් – දෙදෙනාම කෝච්චියට බිළි (වීඩියෝ)

අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථාන ආසන්නයේ දී අද (22) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා සහ තවත් තරුණයෙක් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් තිදෙනා සිටි ස්ථානයට දුම්රිය ලංවනවාත් සමඟ තරුණයා දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර, කාන්තාවන් දෙදෙනා මෙලෙස කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා.

අනතුරින් මියගිය දෙදෙනා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියන්වන අතර, අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට මොවුන් අනුරාධපුරයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මියගිය දෙදෙනාගෙන් එක් තැනත්තියක් 37 හැවිරිදි වියේ පසු වූ අතර, අනෙක් තැනත්තිය 18 හැවිරිදි වියේ පසුවූ තරුණියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය 18 හැවිරිදි තරුණිය ඇයගේ මිතුරියකගේ මවක් සමඟ මෙලෙස ඡායාරූප ගැනීමට පැමිණි අවස්ථාවේ දී දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දුම්රියට බිළිවීමට මොහොතකට පෙර දෙදෙනා ලබාගත් ඡායාරූප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
13
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?