තරුණයෙකුට සවලකින් පහර දෙන සිද්ධිය ගැන පොලිසියෙන් විමර්ශන – නිරූපන ශිල්පිනියකගේ පුතෙකුත් ඒ අතර

තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට අමානුෂික ලෙස සවලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ දී මෙම පහරදීම සිදුව ඇති බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අදාළ සිද්ධිය මීට මාස දෙකකට පමණ පෙර සිදුව ඇති බවට විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය ඊයේ (09) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ පහර කෑමට ලක්වූ තරුණයා වැලිකඩ පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

ආදාළ පහරදීම සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි පිරිස හඳුනාගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අදාළ පහරදීම සිදුවන අවස්ථවේ දී ජනප්‍රිය නිරූපන ශිල්පිනියකගේ පුතෙකු ද එම ස්ථානයේ සිටි බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශනවල දී අවදානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
6
+1
0
+1
3
+1
4
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?