AFC Banner
AFC Banner
Empty Ad

තරග 05කින් යුත් ඉන්දියා – දකුණු අප්‍රිකා T20 තරගාවලිය අද ඇරඹෙයි

තරග 05කින් සමන්විත සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු T20 තරගය අද (08) ආරම්භ වනවා.

දෙරට අතර පළමු තරගය අද රාත්‍රී 8.30ට ඩර්බන් නුවර දී ආරම්භ වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්‍යයකුමාර් යාදව් හට හිමි ව තිබෙනවා.

දකුණු අප්‍රිකානු නායකත්වය හිමිව ඇත්තේ එයිඩ්න් මක්‍රම් හටයි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර මෙතෙක් T20 තරග 27ක් පවත්වා ඇති අතර එහි වැඩි ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇත්තේ ඉන්දියාවයි.

ඔවුන් තරග 15ක් සහ දකුණු අප්‍රිකාව තරග 11ක් ජයගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාව ප්‍රතිවාදීන් පරදා සිය මව්බිමේ දී T20 තරගාවලි ජයග්‍රහණ 03ක් ලබාගෙන ඇති අතර ඉන්දියාව තරග 05ක ජය තමන් සතු කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?