ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් හෙවත් මොන්ඩෝ ඩුප්ලාන්ටිස්ට පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කරන්නට හැකියාව ලැබී තිබෙනවා.
ඒ, හංගේරියානු ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 06යි දශම 29ක උසක් තරණය කරමින්.
මෙම 25 හැවිරිදි ද්විත්ව ඔලිම්පික් සහ ලෝක ශූරයා මෙම වසරේ නව ලෝක වාර්තාවක් පිහිට වූ තුන්වන අවස්ථාව මෙය වනවා.
ඔහුගේ දෙවන උත්සාහයේ දී ඔහු තමාගේම පෙර වාර්තාව වන මීටර් 6.28 අභිබවා ගියා.
පියාඹන මිනිසා ලෙසින් හඳුන්වන මොන්ඩෝ ඩුප්ලාන්ටිස් 2020 වසරේදී පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.
එතැන් සිට මේ දක්වා කාලය තුළ ඔහු අවස්ථා 13 කදී සිය ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්ව සිටීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
4
+1
13
+1
1
+1
1
+1
3





