තමිම් ඉක්බාල් ජාත්‍යන්තර 20-20 පිටියට සමුදෙයි

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ වර්තමාන නායකත්වය දරණ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගයානාහි දී පැවැති එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමෙන් පසුව ඊයේ ඔහු මෙය නිවේදනය කළා.

මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස 78කට ක්‍රීඩා කරමින් තමීම් ලකුණු 1758ක් රැස්කරගෙන සිටිනවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ එක ශතකයක් සහ අර්ධ ශතක 07ක් ඔහුගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා.

තමිම් අවසන් වරට විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ 2020 මාර්තු මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

පසුගිය වසරේ මැද භාගයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට තමිම් ගත් තීරණයත් සමඟ ඔහු මෙම තරග ආකෘතියෙන් බොහෝසෙයින් ඈත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?