තමන් ඇමති ධුරයක් භාර ගැනීමට සූදානම් බව ධම්මික පෙරේරා කියයි

තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා.ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීමට තමන් මාස 6ක කාලයක් සදහා ඒ සදහා සුදානම් බවයි පවසන්නේ.

ඔහු පවසන්නේ එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි.එතුමා රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක් ද ඔහු ඉදිරිපත් කර තිබෙනවා.