Empty Ad
Empty Ad
AFC Banner

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 15ක වන්දික්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 15ක වන්දි මුදලක් ගෙවන ලෙස ABC ප්‍රවෘත්ති සේවයට එරට අධිකරණයක් විසින් ඊයේ (14) නියම කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කළ අපහාස නඩුවක දෙපාශ්වය අතර සමථයක කොටසක් ලෙස මෙම වන්දි මුදල ලබාදෙන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

පසුගිය මාර්තු මාසයේ ABC ප්‍රවෘත්ති සේවයේ විකාශය වූ එක්සත් ජනපද නියෝජිත නැන්සි මේස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඩොනල්ඩ් ට්‍රම්ප් “ස්ත්‍රී දූෂණයට වගකිව යුතු” බවට නිවේදක ජෝර්ජ් ස්ටෙෆනොපොලොස් විසින් කරන ලද ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අපහාසාත්මක ප්‍රකාශය සිදුකිරීම සහ එය විකාශය කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ අපහාස නඩුව ජෝර්ජ් ස්ටෙෆනොපොලොස්ට සහ ABC ප්‍රවෘත්ති සේවයට එරෙහිව පවරා තිබුණා.

ඩොලර් මිලියන 15ක වන්දි මුදලට අමතරව, නැන්සි මේස් සමඟ ස්ටෙෆනොපොලෝස් පැවැත්වූ අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පසුතැවෙන ප්‍රකාශ නිකුත් කිරීමට ABC ප්‍රවෘත්ති සහ ස්ටෙෆනොපොලස් අධිකරණයේ දී එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඩොලර් මිලියන 15ක වන්දි මුදල ට්‍රම්ප් වෙනුවෙන් “ජනාධිපති පදනමක් සහ කෞතුකාගාරයක්” සඳහා කැප වූ අරමුදලකට පරිත්‍යාගයක් කිරීමට කටයුතු කරන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

මේ අතර විකාශකයාට ඇටෝනි ගාස්තු වශයෙන් ඩොලර් මිලියනයක් ගෙවවීමට ද සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන ජලාශය වාන් දමයි
01:26
Video thumbnail
ගාලු කොටුවට යන අය ජීවිතය ආරක්ෂා කරගන්න
03:37
Video thumbnail
අපේ දෙමව්පියන් හරිම විදියට සතුටු කරන්නේ කොහොමද?
03:53
Video thumbnail
Breaking News🛑උතුර නොසන්සුන් කළ තිස්ස විහාරය - විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්
05:04
Video thumbnail
හැමෝම ආචාර්ය මහාචාර්ය වෙන්න ඕනි නෑ - පුංචි පැටුවුන්ට නාමල්ගෙන් ඔවදන්
06:02
Video thumbnail
අම්මයි පුතයි බෙදපු පොත් - තෑගිත් අරන් සතුටින් ගෙදර ගිය පැටව්
01:59
Video thumbnail
බලාපොරොත්තුව පදනම මගින් ඉටුකළ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව
07:10
Video thumbnail
තාත්තගේ වගකීම ආණ්ඩුවට බාර කරන ඉලංදාරියා
01:59
Video thumbnail
අනුන්ගේ File නෙවෙයි - තමන්ගේ අයගේ Profile ටික හදාගන්න - ජනපතිගේ කට ලොක් වෙන්නම නාමල් දෙසයි
02:52
Video thumbnail
ගොවියන්ට විශේෂ නිවේදනයක් - රජයෙන් දෙන වන්දිය අරගෙන නිකන් ඉඳලා තේරුමක් නෑ
08:28

?