Empty Ad
AFC Banner
Empty Ad

ඩෙංගු රෝගීන් යැයි සැක කළ හැඉ රෝගීන් 42,730ක් හමුවෙලා – ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් ප්‍රකාශයක්

මේ වනවිට (06) සමස්ත දිවයිනෙන් ම ඩෙංගු රෝගීන් යැයි සැක සහිත රෝගීන් 42,730 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පවත්මින් වෛද්‍ය කොඩිතුවක්කු මහතා පැවසුවේ; මෙම සැක සහිත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

එය ප්‍රතිශතාත්මකව 18%ක අගයක්.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලට අමතරව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය, සබරගමුව පළාතේ රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කවලත් යම් ඩෙංගු ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

එමෙන්ම මේ වනවිට මුළු දිවයිනේ ම ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ද හඳුනාගෙන ඇති බවත් ඊසාන දිග මෝසම් සුළඟ සමග වර්ෂාව පතිත වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමේ වර්ධනයක් පවතින බව ද වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවා.

මෙම අවදානම් කලාපවල ඩෙංගු මර්දනය කිරීමේ කටයුතු සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර කීට විද්‍යා සමීක්ෂණ මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගනිමින් ඒවා විනාශ කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?